6/6/10

පර හ‍ටන...


අපේ සංගීතෙ ගැන මම මුළින්ම වන්දේ ලක් මෑණීට එකතු කරපු ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම, මෙම ලිපිය වන්දේ ලක් මෑණීට ලියන්න හිතුනා. හැබැයි "වන්දේ ලක් මෑණී" කියන්නෙ, සංගීතය ගැන විතරක් ලියන ලිපි එකතුවක්නම් නෙමෙයි.

"පර හටන"
ලාංකීය සංගීතය බුදුන්ගේ සරණින්, දෙවුන්ගේ ආශිර්වාදයෙන් දිනෙන් දින දියුණු වූ සැටිත්, ලාංකීය රුධිරයෙන් මෙලොව එළිය දකින මතු පරපුරේ අවාසනාවට, එයට හෙණහුරා පාත් වූ සැටිත්, හෙණහුරාගේ ආනුභාවයෙන් එය ලොප් වූ සැටිත්, මම පෙර ලිපියේ(අපිම කෙළිය, අපේ සංගීතේ...) සටහන් කළෙමි. මේ හෙණහුරා දිනෙන් දින අතුපතර වැඩෙමින්, යෝධ රුක්ෂයක් සේ ශ්‍රී ලංකාව තුල මුල් බැසගෙන කාලයක් ම වැජබිණි.

ලංකාවේ පාසල් වල, සංගීතය විෂයෙහි ලා, ශ්‍රී ලංකීය ජන සංගීතය උගන්වනවා වෙනුවට, හින්දුස්ථානීය සංගීතය උගන්වා, සර්පයා රෙද්ද අස්සේ දමාගත් ශ්‍රී ලංකා විශාරද ඇත්තෝ, කනවෝ කන්වෝ කියා කෑ ගසන්නේ, හයක් හතරක් නොතේරෙන හයවසරේ ළමුන්ට අපේ දේ නොඋගන්වා, ඉන්දියාවේ සංගීතයක් උගන්වා අපේ කම අමතක කරවීමේ ආදීනව හේතුවෙනි. පසු කාලීනව බටහිර සංගීතයද, විශය මාලවට එකතුකර උවුන්, තව දුරටත් වැඩ වරද්ද ගත්තේය.

මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ, අපේ දෙය හරියටම මොකද්දැයි නොදන්නා තරුණ ‍පරපුර බටහිර සංගීතය, කරලියට ගෙන ඒමට පටන් ගැනීමත් සමඟ, විශරද ඇත්තෝ සටන් ප්‍රකාශ කිරීම ආරම්භ කළේය. ඒ, පිට රටින් එන එන දේ අනුකරණය කරනවා යැයි තරුණ ‍පරපුරට චෝදනා කරමිණි. නමුත් එම චෝදනාව අපට කරන්නේ රෙදි ඇඳගෙනදැයි ඇසීමට අභිනව තරුණ සංගීත කාරයෝ උත්සුක නොවූවද, මොන මොනවාදෝ මුමුණා චෝදනාවට එරෙහිව සටන් ප්‍රකශ කළෝය. මෙලෙස, අපේ සංගීතය වලපල්ලට යවා, පරයන්ගේ සංගීතය අපේ රටට ගෙනා පරයින් දෙකොට්ඨාශයක් සටන් ඇරභීය.

තාලම් පොටක, ගැට බෙරයක, උඩැක්කියක, වන්නමක, ජනගීයක හඬ ඇපයෙන් බේරීමට තමාගේ නිර්මාණ වලට එකතුකර ගන්නා මොවුන්, මමයි ශ්‍රී ලාංකීය, මමයි ශ්‍රී ලාංකීය, කියමින් පුරවැසි බාවය තහවුරු කිරීමට උත්සහා කරයි.

ලාංකීය ලේබලය ගසා ගැනීමට පොර කන විශාරද ඇත්තනේ, ඔබ තමුන්නාන්සේලගේ ආනුභාවයෙන් අද වන විට වසර විස්සක පමණ පසු බෑමක්, නියම ශ්‍රී ලංකා සංගීතයේ ඇතිවී ඇත. ඔබ අතපසු කළ එම කාලය, නැවත ඇද්දවීම, ඔබ බිහිකළ වල් බූරු සංගීත අධ්‍යාපන ක්‍රමයෙන් උත්පාදනය වූ, පෙර අපර දෙදිග පරගැති සංගීත ඥාණයක් ඇති තරුණ ගැටයන් ලවා කළ නොහැක.

සංගීත ඥාණය යමෙකුට පැමිණෙන්නේ තම රුධිරයෙනි. ශ්‍රී ලාංකීය රුධිරය ඇඟේ දුවනා සංගීත කරුවනි, ඔබ ඔබේ රුධිරය හඳුනා ගත යුතුය. ඔබ එක්ව පරයන් විසින් අතරමං කළ නියම ශ්‍රී ලාංකීය සංගීතය අහු මුළු වලින් සොයාගෙන, ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ශ්‍රී ලාංකීය හඬකින් පිට කොඳු කෙළින් සිටුවා ගැයීමට, වන්දනීය මාතෲ භූමියේ, වන්දනීය සංගීතය නැවත ස්ථාපනය කළ යුතුය.



සමිද මම නුඹේ ගුණ ගය ගයා                   හිනහුනා සෙනේබර නුඹෙ නුවන් මා දිහා              යොමු උණා ඔබේ රුව ද...