වන්දේ ලක් මෑණී...
4/13/20
4/11/20
මගෙ නම දේවානී
අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන්
බඩ මහත කපන කොට
මුදලාලි පෙරටු කොට
සට කපට හැකර කට
මගේ කරේ පොරෝ මිට
අනේ හරි අහිංසක සුදු පාට ඇමති සද
පුසුබ ඇති පිපි මලක ඩෝසරේ මැද්දෙ හිද
කඩොලාන පිරි වලක අප්පිරිය ජොහොර ගද
ගෙම්බකුගේ මිහිරි බක සද්දෙටම හඩන ලද
ඩෝසර් කබල ගෙන මා දෙසටම පැමිණී
ඔල මොළ නොමැති නරිවාදන් ඇසුණි
හිටි තැන හිදිමි නොහැරෙමි නොසෙල්වෙමී
යට කර ගියත් මගෙ නම දේවානී
2020, පෙබරවාරි 13 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.

මිසිනෝනා ආච්චී
අට පාස් වෙන්න පෙර, ළමා විය නිම උණා
තවම මම තරුණයි, තරුණ විය දිගු උණා
හැඩකාර කෙල්ල මම, කොල්ලො හෙම හිනහුනා
ඒකාලෙ හෙමි හෙමින්, ගෙදරටම දිය උණා
ඔය ඉන්න ගොඩක් අය, මගෙ අතේ දැඩි උණේ
මුහුණ අත පය හෙමත්, මම තමයි හැඩ කළේ
දරු සෙනෙහෙ හැර යමක්, මගෙ හදේ නොතිබුණේ
උබල හැදු මිත්තනිය, නැතිද දැන් පෙනෙන්නේ
කරුණාව මිස යමක් නෑ දෙවියො මවලා
මා නිසා කිසි දිනක නෑ යමකු අඩලා
මැරෙන තුරු මගෙ හදේ දරු සෙනෙහෙ පිරිලා
තුරුලු වී එක වරක් විදගන්න නුබලා
2020, පෙබරවාරි 9 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.
2/23/20
නම මොකද්ද
මිසී : නම මොකද්ද...?
මිසී සීයාව අමතන්නේ තරමක් උස් හඩකිණි. බැලූ බැල්මටම එහි යම් අකාරුණික බවක් ගැබ්වී තිබුණද සීයා පෙරළා පිළිතුරු දුන් ඇල් මැරුණු ස්වාභාවය දුටු විට කිසිවකුට එය සාදාරණීකරණය කරගත හැක.
මිසී : සීයා...
සීයා : හ්ම්ම්...
මිසී : නම මොකද්ද...
සීයා : සිරිදාස
මිසී : වයස...?
සීයා : ආ.....
මිසී : වයස කීයද....?
සීයා : අසූ දෙකයි...
සීයාටත් නොදැනීම දෙක ගිළුනේය.
මිසී : අසූ.....?
සීයා : ආ....
මිසී : වයස කීයද...?
සීයා : අසූ දෙකායි...
මිසී යාන්තමින් වයස අසාගත්තේය. ටිකට් එක පිරික්සමින් සීයා ලඟ මද වේලාවක් ගත කළ ඇය නැවත යන්න ගියේය. මොහොතකට පසු නැවත පැමිණි ඈ සීයාගේ සේලයින් බෝතලය මාරු කළාය. ඇය ඊළඟ ඇඳේ රෑ එළිවන තුරු බෙහෙත් පෙත්තක් ඉල්ලූ රත්නප්‍රිය ළගට ගියාය.
රත්නප්‍රිය : අනේ මිසී බෙහෙත් පෙත්තක් දෙන්න මිසී...
මිසී එන විටම රත්නප්‍රිය මන්තරය ජප කළේය.
මිසී : නම මොකද්ද ?
රත්නප්‍රිය : අයියෝ රත්නප්‍රිය මිසී...
මිසී : වයස?
රත්නප්‍රිය : පනස් දෙකයි.
රත්නප්‍රියගේ ජප කෙරිල්ල ඉවර වූ හැඩකි. මිසී ටිකට් එක පිරික්සුවේ රත්නප්‍රියට සේලයින් දිව යුතුද බැලීමටය. රත්නප්‍රිය නිහඩ වූ නිසාදෝ මිසී හඩ අවදි කළාය.
මිසී : පෙත්තක් දැම්මා නේද රෑ..
රත්නප්‍රිය : අනේ මිසී තව එකක් දාන්න මිසී. ඉවසන්න බෑ.
මිසී : ඉන්නකො දැන් ඩොක්ටර් බලයි. ඊට පස්සෙ අහල දාමු හොදේ...
මිසී වේදනාවේ අරුමය දන්නා හැඩකි. රත්නප්‍රිය මිසීගේ යෝජනාවට යටහත්ව එකගවිය.
මිසී අනෙක් ඇද වෙත ගියේ රත්නප්‍රියට සේලයින් නියම කර නොමැති නිසාය. මේ අතර ඊසීජී ගන්න නෝනා සහ ඇටන්ඩන්ට් නෝනා පැමිණ සිරිදාස සීයාගෙන් නම හා වයස අසා ඊසීජී සටහන ලබාගත්තෝය. සීයාගේ ඊසීජී එක ලබාගත් සැනින්
"වීරකෝන් කව්ද... ?"
කියා ඇටන්ඩන්ට් නෝනා කෑ ගැසුවාය. වාට්ටුවේ අනේක් කෙළවර "ඒ පහ" ඇදේ සිටි වීරකෝන් ඇටන්ඩන්ට් නෝනාගේ අවධානය දිනාගත්තේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවය. එතැනට මැශිමත් ඇටැන්ඩනුත් කැටුව ගිය ඊසීජී නෝනා වීරකෝන්ගේ නමත් වයසත් ඇසීමට අමතක නොකළාය.
හදිසියේ ෆිට් එක හැදුනු නිසා ඊයේ මහ රෑ ගෙනත් නැවතූ රවින්ද්‍ර මේ සියල්ල දෙස බාලා සිටියේ මහත් උපහාසයෙනි. රෝහලේ නතර කරගත්තද මේ වන විටත් රවින්ද්‍රගේ ඈළි මෑළි ගතිය පහව ගොස් තිබුණි. රෝහල් වල අකටයුතු කම් ගැන රවින්ද්‍ර ෆේස්බුක් පිටු පුරවා තිබුණි. රෝහල් කාර්‍ය්ය මණ්ඩල වල රෙදි ගැලවෙන තරමට රවින්ද්‍ර ඔවුන් විවේචනය කර ඇත. මේ කිසිවක් නොකළ ගානට ඔහු පසු වූයේ ඔහුව පුද්ගලිකව දන්නා කිසිවෙක් වාට්ටුවේ නොමැතැයි කියන අනුමානය පිටය.
සිරිදාස සීයාගේ නම සහ වයස මීළගට විමසුවේ වාට්ටුවේ දොස්‍තර මහතා විසිනි. සිරිදාස හා රත්නප්‍රිය පසු කර වීරකෝන් දක්වාම දොස්තර මහතා නම සහ වයස අසමින් රෝගීන් පිරික්සණු රවින්ද්‍ර බලා සිටියේය. මේ වන විටත් මිසී නෝනා රවින්ද්‍රගේ සේලයින් එක මාරු කර තිබුණි. මාරු කරමින් මිසී නෝනා රවින්ද්‍රට කීවේ
"ඔයාට දෙන්නෙ සෝඩියම් ක්ලෝරයිඩ්"
යනුවෙනි. වතුර සහ මුත්‍රා මනින ලෙසටද මිසී නෝනාගෙන් උපදෙස් ලැබුණි. මේ සදහා ෆාමසියෙන් මිනුම් කෝප්පයක් සහ මුත්‍රා පෝච්චියක් ගෙන ඒමට කීම ගැන රවින්ද්‍ර පසුවූයේ නොසතුටෙනි. ෆාමසියෙ ඇම්බැසඩර් මෙයාද කොහෙද යනුවෙන් සිතෙන් සිතුවේය.
දොස්තර මහතා එන තුරු පුන පුනා බලා සිටි රවින්ද්‍ර නමත් වයසත් කීමට උත්සුක වීය. ටිකට් කපනු ඇතැයි දැඩි විශ්වාසයකින් සිටි නමුදු දොස්තර මහතා
"රවින්ද්‍ර ළග ඉන්න කවුරු හරි ගෙන්න ගන්න වෙයි"
යනුවෙන් කීවේය. රවින්ද්‍ර නිසොල්මන් වූයේ ගහක් ගලක් වගේ හොදින් සිටින මට, ළග ඉන්න අයකු ගෙන්වා ගැනීමට කියන්නේ මන්ද යන කුකුස නිසාය.
ඉන් පසු වාට්ටුවේ සිදුවූ දෑ පිළිබද ඔහු වැඩි අවධානයක් යොමු නොකර සිටියේය. උදෑසන පහයි හතළිස් පහ පමණ වන විට දොස්තර මහතා සියළු රෝගීන් පිරික්සා ඉවර කළේය. මද වේලාවකින් වාට්ටුව පිරී ඉතිරී ගියේ රෝගීන්ගේ නෑදෑ හිතවතුන්ගෙනි. රවින්ද්‍ර බැලීමට පැමිණි, තම පක්ශයේ සහෝදරයාට රවින්ද්‍ර කියා සිටියේ තමන්ගේ නම සහ වයස සදහන් කළ බෝඩ් කැබැල්ලක් ගෙන දවල්ට තමා බැලීමට එන ළෙසයි.
කියූ පරිදිම සහෝදරයා දවල් බෝඩ් එකත් රැගෙන ආවේය. සැමටම පෙනෙන ලෙස රවින්ද්‍ර බෝඩ් එක එල්ලුවේ උජාරුවෙනි. ඉන්පසු රෝගීන් පිරික්සන සියළුදෙනා මේ බෝඩ් එක දුටුවද කිසිවකුත් ඔහුගේ නම සහ වයස නොවිමසා සිටියේ නැත. මේ පිළිබද ඔහුට ඇති වූයේ දැඩි කෝපයකි. ඊට නොදැවනි කලකිරීමක්ද විය. මේ රටනම් හදන්න බෑ. යැයි ඔහු සිතුවේය. හවස තම පක්ශයේ සහෝදරයා එනතුරු මග බලා සිටියේ මේ පිළිබද ඇති උදහස පිට කිරීමටය. තමන් ලග නතරවීමට අයකු ඇත්දැයි රවින්ද්‍ර සහෝදරයාගෙන් විමසා සිටියේය. හෙට උදේවනවිට අයකු කැටුව එනවැයි පොරොන්දුව පිට සහෝදරයා පිටව ගියේය.
තව දිනයක් එළබිණි. මිසී නෝනා සිරිදාස සීයාගෙන් පටන් ගත්තේය. රවින්ද්‍ර හොදටම නිදිය. මිසී නෝනා ඔහුගේ සෝඩියම් ක්ලෝරයිඩ් එක මාරු කර පැයකට මි.ලි. 80ක් ශරීරගතවන ආකාරයට එය සකස් කළාය. රවින්ද්‍රව අවදිකර මිසී නෝනා නම සහ වයස විමසුවේය. රවින්ද්‍ර පිළිතුරු දුන් විට මිසී නෝනා බෝඩ් එක දෙස බැලුවාය. මිසී රවින්ද්‍රගේ වෙනසක් නිරීක්ෂණය කළ හැඩකි. වහා ඩොක්ටර් දෙස හැරී,
"ඩොක්ටර්... මේ පේශන්ගෙ ඊයෙ රෑ ගත්තු රිපෝර්ට් එකේ සෝඩියම් 115 යි"
යනුවෙන් දොස්තරට ඇසෙන ළෙස කීවාය. එසේ කියා ඇය ඊලග රෝගියාට මාරු විය. කෙමෙන් කෙමෙන් දොස්තර මහතා රවින්ද්‍රගේ ටිකට් එක පිරික්සන වාරය එළැබුණි.
දොස්තර : හා දැන් කොහොමද?
රවින්ද්‍ර : හොදයි
පිළිතුරු දුන් හඩනම් ඔහුටවත් ඇසුනාදැයි සැක සහිතය.
දොස්තර : මේ පේශන්ගෙ ළග ඉන්නේ කවුද මිසී
මිසී : ඩොක්ටර් එයා තනියම ඉන්නේ
දොස්තර රවින්ද්‍ර දෙසට හැරී තරමක් උස් හඩින්
දොස්තර : නම මොකද්ද...
රවින්ද්‍ර : ලෙවුකේ බණ්ඩාර
දොස්තර : වයස ?
රවින්ද්‍ර : විසි හයයි
දොස්තර : මේ කොහෙද ඉන්නේ...
රවින්ද්‍ර : පතිරාජ සහෝදරයගෙ ගෙදර

Subscribe to:
Posts (Atom)
සමිද මම නුඹේ ගුණ ගය ගයා හිනහුනා සෙනේබර නුඹෙ නුවන් මා දිහා යොමු උණා ඔබේ රුව ද...
-
--> ලෝකයේ හැම තැනකම වගේ , ලංකවේද සංගීතයේ ආරම්භය කෙසේ වීද යැයි අනුමාන කල හැක. වත්මන වන විට සංගීතය නොයෙක් අරමුණු සදහා භාවිතා කළද...
-
අපේ සංගීතෙ ගැන මම මුළින්ම වන්දේ ලක් මෑණීට එකතු කරපු ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම, මෙම ලිපිය වන්දේ ලක් මෑණීට ලියන්න හිතුනා. හැබැයි &q...
-
මිසී : නම මොකද්ද...? මිසී සීයාව අමතන්නේ තරමක් උස් හඩකිණි. බැලූ බැල්මටම එහි යම් අකාරුණික බවක් ගැබ්වී තිබුණද සීයා පෙරළා පිළිතුරු දුන් ඇල් ...