7/15/12

අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබව කරනවා.


     හේ මහා අධර්මිෂ්ඨ, පපී, දුෂ්ඨ, සතුරු රටක පාලකයෙකි. ඒ මා, අද කතාවේ කතානායක, සිරිලක විසූ ඒ මහා නිරිඳානන් පිළිබඳව දරණා මතය නොව. ඒ මා, මගේ රට රජකම් කළ ඒ මහා නිරිඳානන් ගැන, රෑ නින්දෙන් වහරන වලම මූත්‍රා පිටවීමවත් හරිහැටි නොතේරෙන අවදියේදී, මුල් වරට ඇසූ ආකාරයයි. රූප පෙට්ටියේ විකාශය වූ ඒ වෘත්තාන්තයට මා කෙතරම් ලොල් වීද යත්, සතියක් නොඉවසා බලා සිඳ, මවටත්, පියාටත් හොරෙන් වහලයට නැඟ, රූප පෙනෙන මානයකට ඇන්ටනාව හරවා ගන්නේ මහත් වූ අයාසයකිනි. එත් අරුමය නම්, රාවණා රජු සතුරන් පරදා ලක්දිව ජයගන්නවා බැලීමටනම් නොව. රාමාට, රාවණා රජු පරදා, සීතා රැගෙන යාමට අදවත් හැකිවේදැයි බැලීමටය.

පාසල් යන්නට පටන්ගත් දා සිට ඔහු ගැන විමසන්නට හෝ, ඔහු ගැන සිතන්නටවත් ලැබුනේ, සීතාඑළිය හනුමා දේවාලය පසුකර යන විටක පමනි. මුල් වරට මා එකී හනුමා දේවාලය පසු කරමින් ඒ අසලින් බසයෙන් ගිය දිනක, පියා විසින් මා හට, එම ස්ථානයේ රාවණා රජු විසින් සීතාව රැගෙනවිත් සඟවා සිටි බවට පුරාවෘත්තය කීවා මතකය. එදින මා හට මුල්වරට, රාවණා අපේ රජෙකියි, අපේ එකා යකෙකියි, ඒකා වෙන රටකට ගෙහුන්, කුමරියක මෙහි දැහගෙන ඒමට පවා හපනෙකියි, කියා අඩම්බර කාර හැඟීමක් ආවා මතකය.

එදා මෙදා තුර මා හට රාවණා රජු ගැන, විමසන්නට ඇසිල්ලක්වත්, ඔහු ගැන නීත්‍යානුකූලව හැඳෑරීමට පාසල් පොතේ ඉඩහසරක්වත්, සොයාගන්නට නොතිබිණි. කොටියකු පිටුවස එනවිට දුවන මුව රැලක් සේ අකුරු කරන්නට දිව අවුත් එයින් ජයගෙන හුස්මක් කටක් ගත්තා පමණකි. රාවණා රජු ගැන වං හුං, කණින් කොනින්, සවනට, නෙතට වැටෙන්නට විය.

අහෝ පරයින්... ඒ මහා නිරිඳානන් අනුබ කරනවා. අහෝ පරයින්... තම වෙබ් පිටුවේ හිට් කව්න්ටරය වැඩිකර ගන්නට ඒ මහා නිරිඳාගේ දඬුමොණරය අනුබව කරනවා. අහෝ පරයින්... ඒ මහා නිරිඳා තුළ තිබූ නොතුබූ ගුණ අතික්ෂයොක්තියෙන්, අතාත්විකත්වයට ගෙනවුත් ඒ මහා නිරිඳා උසුළුවට, විසුළුවට ලක් කරනවා.

2/27/11

පීතෲ මූලික...


අප අවට පරිසරයේ සිටින ඕනෑම පිරිස් ඒකකයකට තම පැවැතම රදා පවත්වා ගැනීමට මනා නායකත්වයක් තිබිය යුතුය යන්න වන්දේ ලක් මෑණී සමඟ එකතුවන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිසා පමනක් නොව සතා
සිව්පාවා පවා මෙකී මූලධමයට යටත් වන අතර බුදු බනේ පවා මේ බව සදහන්ව ඇත.

අප පවුල යනුවෙන් හදුනා ගන්නේද මෙවැනිම පිරිස් ඒකකයකි.මෙම පවුල යන ඒකකයේ වුවද යහ පවැත්ම රදා පවතින්නේ පවුල මත බලගැන්වෙන මනා නායකත්වය මතය. අද වන්දේ ලක් මැණී ඔබ වෙත කියනුයේ මෙකී නායකතවය පවුලට දෙන පීතෲ මූලිකත්වය පිළිබඳවය.

වර්ථමානය වන විට ලෝකය පුරා පවතින ආර්ථික පසුබිම මත ඒ ඒ රට වල පවුල් ඒකකය උඩුයටිකුරු වී අති බව සත්‍යයකි. මෙකී විපර්යයාසයේ විශාලතම ගොදුර බවට පත්ව අත්තේ ඇමරිකානු හා යුරෝපා රටවල්ය. මෙය කොතෙක් දුරට මෙම රට වලට බලපාද යත්, එම රට වල නීතියෙන් විවාහ ගිවිසගෙන අති ඇතැම් පවුල්, පවුලක් වීමට ඇති මූලික අවශ්‍යතාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකතුවීම යන අවශ්‍යතාවයවත් තෘප්ත නොකරයි. මෙලෙස බටහිර රටවල පවුල් ඒකකයට අති වී අති කළබැගෑනිය ඔබට මා තවදුරටත අමුතුවෙන් කිවයුතු නොවේ.

නමුත් පූරුවේ කල පිංවල ආනිසංසයෙන්, ආසියානුවෙකු වී ඉපඳුනු ආනුභාවයෙන්, ආසියාව පුරා තවමත් ස්ථාවරව විසිරී පැතිරී පවතින ආගමික පසුබිම හේතුවෙන්, ආසියානු පවුල් තවමත් බටහිර අංශහීනත්වයට පත් වූ පවුල් මෙන් පත් නොවී සවිමත්ව නැගීසිටී.

ආසියානු පවුල් ඒකකයේද බලතල බෙදී ගියේ අතීතයේ සිට පැවතුනු ආර්ථික පසුබිම මතය. ඒ අනුව පවුලේ ආර්ථිකය සවිමත් කළ පියාට පවුලේ ගෘහමූලිකත්වය හිමිවිය. ඒ අනුව පවුලේ තීරණ ගැනීම පිළිබදව විශාල බලයක් හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ විශාල ගෞරවයක් ඔහුට හිමි වී තිබිණි.

මෙකී ගෞරවය පියා පිළිබදව ළමුන් හමුවේ ගොඩ නැඟූ, මුළු ආසියානු සමාජයේම ගෞරවයට, පූජනීයත්වයට, පත් වූ උතුම් චරිතයක් මෙම ඒකකයේ සිටී. ඒ වෙන කවුරුත් නොව, නම අසූ පමණින් ඕනෑම ගොරහැඬි අළුගෝසුවකුගේ පවා හිත උනු වන මිහිපිට ජීවමාන දේවතාවිය අම්මාය. අම්මා සෑම විටකම ළමුන් තුළ පියා පිළිබදව බයක්, ගෞරවයක් අතිකිරීමට වගබලාගනී. ඇය කිසිවිටකත් මෙකී පාර්ශව දෙකට සෘජුව වාද විවාද කිරීමට ඉඩ නොදේ. සෑම විටකම මැදිහත් කරුවකුව දෙපාර්ශවයේම සීමාව ආරක්ෂා කරමින් දෙපාර්ශවයේම ගෞරවය සුරකී. මේ අනුව ඇය නිරායාසයෙන්ම පාර්ශව දෙක අතර සන්නිවේදන මාධ්‍යය බවට වත් වේ. තවද ළමුන් තම ඉල්ලීම් පියා වෙත ගෙන යන්නේද මව හරහාය. තවද පියා ළමුන්ට සෘජුව ආදරය නොදැක්වූ අතර, තමා තුල ළමුන් කෙරෙහි ඇති ආදරය මව විසින් ළමුන් වෙත සන්නිවේදනය කරන බවද හොඳිනම දැන සිටියේය. මෙලෙස අතීතයේ සිට මව පියාගේ සංවේදීබව ළමුන් වෙත ගෙන යන සංවේනිදකයා බාවට වත්ව සිටියාය.

මෙසේ අනුන් කෙරේ ගෞරවයක් ඇති කිරවීමට උත්සාහ කරන ආදරණීය මවුතුමිය කෙරේ මුළු පවුල් ඒකකයේම ගෞරවය, පූජනීයත්වය, නිරායාසයෙන්ම ගොඩනැගේ. ළමුන්, තම සොඳුරු බිරිඳ සමඟ එකට එක කියනු දුටු විට, පියා ඔව්න්ව කෝටුමස් කරයි. එවිට සියළු දුක් විඳ දරාගන්නා ගන්නා මවු තුමිය මැද්දට පැන, කටකාර ළමුන්ව බේරා ගනී. මෙලෙස ආදරයෙන් හා ගෞරවයෙන් එකිනෙකා හා බැඳුනු පවුල් ක්‍රමයක් අතීතයේ සිට මේ දක්වා තිබී ඇත. මෙකී ක්‍රමය පීතෲ මූලික පවුල් ක්‍රමය කියා හදුන්වනු ලබයි.

නමුත් වර්ථමානය...
වර්ථමාන්යේ බලපවත්නා අර්ථික රටාව හාත්පසින්ම වෙනස් බව කවුරුත් දන්නා කරුණකි. මේ අනුව පීතෲ මූලිකත්වයට හේතු වූ කරුණ වන, පවුල ආර්ථිකය සවිබල ගන්වන කාර්යභාර්ය මවද සමසේ හෝ වැඩිපුර හිස දරයි.

????

ඉතින් අපේ ආදරණීය මවුවරුන් මෙතෙක් ඇයට හිමිවී තිබූ ගෞරවනීයත්වය, පූජනීයත්වය අමතක කර අයිතිවාසිකම් ඉල්ලනවාද ...?
ඉල්ලන්නේ කා හට හිමිව තිබෙන ගෞරවයද ...?
ඇයට මෙතෙක් හිමිව තිබූ ගෞරවය පූජනීයත්වය ඇයට සුදුසු නැද්ද ...?

මෙකී ප්‍රශ්න හමුවේ, පවුල් ක්‍රමය අති අසාර්ථක බටහිර රටවල්වල හැඳුනු කාන්තා විමුක්ති සංවිධාන එම ප්‍රශ්න වලට පිළිතුරු සපයයි.
ඔවුන් අයිතිවාසිකම් ඉල්ලයි ...
ඉල්ලන්නේ පියාට හිමිව තිබූ ගෞරවය ...
මවට හිමිව තිබූ ගෞරවය අනුගාමිකයන්ට මතක් නොවීමට වග බලා ගනී ...

මෙකී සටන් පාට, ක්‍රම උපායන්, පෙරදැරි කොටගෙන කාන්තා විමුක්ති සංවිධාන, පවුලක පරම පරමාර්ථය වන පවුලක් වශයෙන් එකට සිටීම යන්න පවා අමතක කර වෙන්ව හෝ අයිතිවාසිකම් දිනා ගනීමට උත්සාහ කරයි. වෙන්වූ කල පවුලක් නැති බවත්, පවුලක් නැති කල විමුක්තියක් අනවශ්‍ය බවත් අමතක වේ. එපමණක්ද නොවේ , පවුලක් නැති කල තමා හට ගෞරවයක් පිරිනැමීමට කවුරුවත් නැතිබවත්, දිනාගත් අයිතිවාසිකම් බුක්තිවිදීමට පවුලක් නැති බවත් අමතක කර වෙන්වීමේ අයිතිය ඉල්ලාසිටී.

එකිනෙකා කෙරේ පීතෲ මූලික සමාජය තුල හිමිව තිබුනු ස්ථානයේ උස් මිටි කම් තිබුනේ නැත. එම ස්ථානය සෑම විටකම අනන්‍යය ස්ථානයක් විය. පියාට අති ගෞරවය ළමුන් හිත තුළ ඇති වූයේ, පියා විසින් ඔවුන්ව කෝටුමස් කළ දවසේය. මවට අති ගෞරවය ඔවුන් තුළ ඇති වූයේ මව විසින් පියාව වර්ණනා කළ දිනයේය. එයට උපයන මුදල ප්‍රමාණය වැදගත් වූයේ නැත.

2/18/11

රතනෙ මාමගෙ නහරයක් පුපුරල...


කාලෙකින් මූණ දැකපු ආසාවට අම්මගේ ඉහේ මල් පිපිලයි උන්නෙ. ඒ කාගෙවත් නෙවෙයි, රං පුතාගෙ. රං පුතා කොළඹ ඉඳං ගෙදර එන්නේ, කණ කැස්බෑව අත පත ගාල විය සිදුර හොයාගෙන, ඒකෙන් අහස බලන වංගියට.

රං පුතාගෙ අම්ම කාලෙකින් පිපුන තමාගෙ පුතාවත් හිසේ දරාගෙන, පුතාට පිරිත් නූලක් ගැට ගහන්න පංසල් යන ගමනුයි උන්නේ.

"ගමේ දැං මරණයකට වියදං කරන්න මරණාදාර සමිති දෙකක්..."
"ඉතිං හොඳයිනෙ"
"මොන හොඳක්ද,,ඔය ඉස්සරහින් එන රාජ මල්ලිත් දැං අනිත් පැත්තෙ."

එහෙම කියනකොට තමයි රං පුතාට, ගමට සමිති දෙකක් තිබුනට, දැං එක මරණයකට එන්නෙ ගමෙන් භාගයයි කියල තේරුණේ.

සමිති දෙකක් වුනාට මොකද, රාජ මාමා ලං වෙද්දි අම්මට පුතා ගෙදර ආව බව කියන්න කටයි ඔලුවයි දෙකමත් මදි වුනා..

"අක්කා... රතනෙ මාමා ටිකට් කපලා ගෙදර එවල."

රං පුතාට නෑ කමින් සීයා වන රතනෙ වුන්දා පහුගිය දවස් වල ඉස්පිරිතාලෙ වුන්නේ නහරයක් පුපුරලා. සනීප කරන්න අමාරු හින්දද කොහෙද, නහයටයි, කටටයි දෙකටම බට දාල ටිකට් කපල ගෙදර එවල.

රං පුතාට රතනෙ සීයගේ ගෙදර, දර පලන සද්දෙ දෙවටට ගොඩ වෙනකොටම ඇහෙන්න ගත්තා. රතනෙ සීයගෙ ලොකු දූ, කමල නැන්ද, රං පුතාගෙ අම්ම පාරෙ යනව දැකල පාරටම දුවගෙන ආවෙ

"විමල අක්කා..... තාත්ත අපිව දාල යන්න ලැහැස්ති...."

කියල වැලහිනියක් වගේ අඬාගෙන.

ගමෙන් භාගයක් වුනාට මොකද, හේං වල වැඩ ඉවර වෙලා හැන්දැවට ගෙදර ආව, ගමේ වැඩිහිටි පිරිමියෝ ටික, ගෙදර විතරක් නෙවෙයි, දෙවටත් පිරෙන්න එකතු වෙලා.

රං පුතා පහුවදා උදේම කොළඹ එන්න පිටත් වුනා. හැන්දෑ වෙද්දි මහ පාරෙ දුම් පිරිච්ච කාලගෝට්ටිය මැද්දෙන් බෝඩිමට යන පාර හොයාගත්ත රං පුතා, මං එනකං අපේ පෝරිසාදයෝ ටික, බරිය ගෙදර ඉදං එනව කියල බලාගෙන අති, ‍යැයි සිතින් සිතුවේය.

එකෙකුට එකෙක් වෙනස් කාලගෝලයෝ දහ දෙනෙක් රං පුතාගේ බෝඩිමේ ජීවත් වෙති. රං පුතා බෝඩිමට ගොඩ වෙනකොට, එකෙක් එලියට දමා අනෙකුන් දොර වසා ගෙන කෑගසයි. එලියේ ඉන්න එකා භාගෙට සිංහල යොදාගෙන සුද්ද සිංහලෙන් දොර ඇරගැනීමට කෑගසමින් බෝඩිම වටේ දුවයි.

එතකොටම හතර වටේටම බැමි බැඳල තියෙන බෝඩිමේ පිටිපස්සෙ බැම්මෙන්, බෝඩිමේ ජීවත් වුනු අවුරුදු තුනටම, දෙවතාවකට වැඩිය දැක නැති මූනත් තහඩුව, රං පුතාගෙ බෝඩිමට එබුනා.

"ළමයි... අපේ ගෙදර පහුගිය දවස් වල මළගෙදරක්... අද බණ... අදට විතරක් පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද......"

එලියට වෙලා ජාතිය අමතමින් හිටිය කදිර,

"සොරි අන්කල්.... අල්ලපු ගෙදර හිටියට අපි ඒ බව දන්නෙවත් නෑනෙ...."

කියල කියනකොට,
"රතනෙ සීය තවම මැරිලවත් නෑ... ?" කියා රං පුතාට ඉබේටම කියවුනි......






6/6/10

පර හ‍ටන...


අපේ සංගීතෙ ගැන මම මුළින්ම වන්දේ ලක් මෑණීට එකතු කරපු ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම, මෙම ලිපිය වන්දේ ලක් මෑණීට ලියන්න හිතුනා. හැබැයි "වන්දේ ලක් මෑණී" කියන්නෙ, සංගීතය ගැන විතරක් ලියන ලිපි එකතුවක්නම් නෙමෙයි.

"පර හටන"
ලාංකීය සංගීතය බුදුන්ගේ සරණින්, දෙවුන්ගේ ආශිර්වාදයෙන් දිනෙන් දින දියුණු වූ සැටිත්, ලාංකීය රුධිරයෙන් මෙලොව එළිය දකින මතු පරපුරේ අවාසනාවට, එයට හෙණහුරා පාත් වූ සැටිත්, හෙණහුරාගේ ආනුභාවයෙන් එය ලොප් වූ සැටිත්, මම පෙර ලිපියේ(අපිම කෙළිය, අපේ සංගීතේ...) සටහන් කළෙමි. මේ හෙණහුරා දිනෙන් දින අතුපතර වැඩෙමින්, යෝධ රුක්ෂයක් සේ ශ්‍රී ලංකාව තුල මුල් බැසගෙන කාලයක් ම වැජබිණි.

ලංකාවේ පාසල් වල, සංගීතය විෂයෙහි ලා, ශ්‍රී ලංකීය ජන සංගීතය උගන්වනවා වෙනුවට, හින්දුස්ථානීය සංගීතය උගන්වා, සර්පයා රෙද්ද අස්සේ දමාගත් ශ්‍රී ලංකා විශාරද ඇත්තෝ, කනවෝ කන්වෝ කියා කෑ ගසන්නේ, හයක් හතරක් නොතේරෙන හයවසරේ ළමුන්ට අපේ දේ නොඋගන්වා, ඉන්දියාවේ සංගීතයක් උගන්වා අපේ කම අමතක කරවීමේ ආදීනව හේතුවෙනි. පසු කාලීනව බටහිර සංගීතයද, විශය මාලවට එකතුකර උවුන්, තව දුරටත් වැඩ වරද්ද ගත්තේය.

මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ, අපේ දෙය හරියටම මොකද්දැයි නොදන්නා තරුණ ‍පරපුර බටහිර සංගීතය, කරලියට ගෙන ඒමට පටන් ගැනීමත් සමඟ, විශරද ඇත්තෝ සටන් ප්‍රකාශ කිරීම ආරම්භ කළේය. ඒ, පිට රටින් එන එන දේ අනුකරණය කරනවා යැයි තරුණ ‍පරපුරට චෝදනා කරමිණි. නමුත් එම චෝදනාව අපට කරන්නේ රෙදි ඇඳගෙනදැයි ඇසීමට අභිනව තරුණ සංගීත කාරයෝ උත්සුක නොවූවද, මොන මොනවාදෝ මුමුණා චෝදනාවට එරෙහිව සටන් ප්‍රකශ කළෝය. මෙලෙස, අපේ සංගීතය වලපල්ලට යවා, පරයන්ගේ සංගීතය අපේ රටට ගෙනා පරයින් දෙකොට්ඨාශයක් සටන් ඇරභීය.

තාලම් පොටක, ගැට බෙරයක, උඩැක්කියක, වන්නමක, ජනගීයක හඬ ඇපයෙන් බේරීමට තමාගේ නිර්මාණ වලට එකතුකර ගන්නා මොවුන්, මමයි ශ්‍රී ලාංකීය, මමයි ශ්‍රී ලාංකීය, කියමින් පුරවැසි බාවය තහවුරු කිරීමට උත්සහා කරයි.

ලාංකීය ලේබලය ගසා ගැනීමට පොර කන විශාරද ඇත්තනේ, ඔබ තමුන්නාන්සේලගේ ආනුභාවයෙන් අද වන විට වසර විස්සක පමණ පසු බෑමක්, නියම ශ්‍රී ලංකා සංගීතයේ ඇතිවී ඇත. ඔබ අතපසු කළ එම කාලය, නැවත ඇද්දවීම, ඔබ බිහිකළ වල් බූරු සංගීත අධ්‍යාපන ක්‍රමයෙන් උත්පාදනය වූ, පෙර අපර දෙදිග පරගැති සංගීත ඥාණයක් ඇති තරුණ ගැටයන් ලවා කළ නොහැක.

සංගීත ඥාණය යමෙකුට පැමිණෙන්නේ තම රුධිරයෙනි. ශ්‍රී ලාංකීය රුධිරය ඇඟේ දුවනා සංගීත කරුවනි, ඔබ ඔබේ රුධිරය හඳුනා ගත යුතුය. ඔබ එක්ව පරයන් විසින් අතරමං කළ නියම ශ්‍රී ලාංකීය සංගීතය අහු මුළු වලින් සොයාගෙන, ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ශ්‍රී ලාංකීය හඬකින් පිට කොඳු කෙළින් සිටුවා ගැයීමට, වන්දනීය මාතෲ භූමියේ, වන්දනීය සංගීතය නැවත ස්ථාපනය කළ යුතුය.



5/22/10

අපිම කෙළිය, අපේ සංගීතේ....

-->
ලෝකයේ හැම තැනකම වගේ, ලංකවේද සංගීතයේ ආරම්භය කෙසේ වීද යැයි අනුමාන කල හැක. වත්මන වන විට සංගීතය නොයෙක් අරමුණු සදහා භාවිතා කළද, සංගීතය “හූවකින්” ආරම්භ කල මිනිසා, ඒ මොහොතේ ඔහු සතුව තිබෙන්නට ඇත්තේ මානසික වියවුල් සහගත බවක් වන්නට ඇත. එම හූවෙන් ඔහු යම් සහනයක් ලබන්නට ඇත. ඒ හේතුවෙන් ඔහු කීප වරක් හූ කියන්නටද, විවිද තාල වලට හූ කියන්නටද, සිනහ වෙමින් එයට හඬ එක් කරන්නටද ඇත. කුමන ආකරයකින් සංගීතය ආරම්භ වුවද, එය මෙවැනි,සරල මානසික තත්වයක්, නිසා ඇති වූවක් විය යුතුමය.
කාලයාගේ අවැමෙන් මෙයට ඔවුන් එවකට බාවිතා කරන ලද නොදියුණු භාශාව එක්කර ඔවුන්ගේ අලුත සොයාගත් මිතුරාගෙන් වෙනස් අකාරයේ රස විදීම් එක්කර ගැනීමට උත්සහ දැරීය. තමා අවට ඇති යම් යම් ද්‍රව්‍ය එකට ගැටීමෙන් එයට නව ශබ්ද එකතු කරන්නටද, තාලයක් එකතුකරන්නටද සමත් විය. මේ ආකරයට ඔවුන් සංගීත භාණ්ඩ භවිතය ආරම්භ කළේය. මේ වන විට සර්ව සම්පූර්ණ සංගීතය බිහිවී අවසානය.
මේ අනුව සංගීතයට, අදී ජනයා තම ජීවන චර්යයාව හා අනුබද්ධිත් සංවර්ධනයක් ලබා දුන්නේය. මෙවකට පැවති රැකියා අනුව සංගීතය කාණ්ඩ වන්නට පටන් ගත්තේය. අනුගාමී භාශා සංවර්ධනයත් සමඟ, නුදුරු අතීතය වනවිට, කාලයගේ ඇවෑමෙන් උපමා රූපක, ලෝප සන්ධි, එළි සමය ඇති, අපූර්ව පද මාලාවක් ඇති, දියුණු ලෙස ඛාණ්ඩ වුණු සරල ජන සංගීතයක් ලංකාවේ සංවර්ධනය විය. එපමණක්ද නොව, යම් යම් දේ එකට ගැටීමෙන් ආරම්භ කළ සංගීත භාණ්ඩ භාවිතයද මීට සමකාලීනව වර්ධණය විය. මෙහි දෙවන පියවර ලෙස, ඔවුන් සතු බඳුන් වල විවිද ද්‍රව්‍ය බැඳ, ශබ්ද උත්පාධනය කල ඔවුන් එය සංවර්ධනය කරමින් මේ සදහා විවිද හැඩයන් ඇති බඳ කොටස් නිර්මාණය කළේය. මේ අනුව මොවුන් විවිද වර්ගයේ බෙර වර්ග භාවිතයට ගත් අතර, බෙර භාවිතයද නුදුරු අතීතය වන විට ඉතා දියුණු තත්වයකට පැමිණ තිබුණි. මේ අයුරෙන්ම ලාංකීය සංගීතය තුල, ආතත, විතත, විතතාතත, ඝණ, සුසර යනාදී වශයෙන් විවිද වර්ගයේ සංගීත භාණ්ඩ නිර්මාණ්ය විය.
මෙලෙස දියුණු වුණු ශ්‍රී ලාංකීය සංගීතය, විවිද දේශපාලනික කාරණා සහා සංස්කෘතික කාරණා හේතුවෙන් ආගන්තුක සංගීත වල බලපෑම් වලට ලක්විය. කුමන බලපෑම් ආවද, ලාංකීය සංගීතය සංවර්ධනය වීම නොනැවතුනු අතර 80 දශකය වන තෙක් භාවිතයේද පැවතුණි. 80 දශකයෙන් පසුව ලංකාවට පැමිණි විවිද ආකාරයේ සංගීත ක්‍රම ලංකාවේ පැලපදියම් වූවා පමණක් නොව, පෙර කී ලංකීය සංගීතයේ ක්‍රමික සංවර්ධනය අඩාල කිරීමටද සමත් විය. මෙහිලා ප්‍රමුක වැඩ කොටස කරනු ලැබුවේ අසල්වසි ඉංදියාවෙන් පමිණි, හිංදුස්ථානීය සංගීතයයි. වර්ථමානය වනවිට ශ්‍රී ලංකා පාසල් වල, සංගීතය විශයෙහි ලා, හින්දුස්තානීය සංගීතය ඉගැන්වීමට, ඉංදියාවට ගොස් විශාරද පට්ටම් ගත් ඈයෝ සමත්වී ඇත. පෙර කී ශ්‍රී ලංකා සංගීතය අනු මාතෘකාවක් ලෙස උගන්වනු ලබයි. ඉතා දියුණුලෙස සාදනීය මාර්ගයක් ඔස්සේ දියුණු වෙමින් ආ ලාංකීය සංගීත භාණ්ඩ නැටුම් විශයෙහි ලා උගන්වනු ලබයි.
-->
"අලුත් අලුත් දෑ නොසදන ජාතිය ලොව නොනගී". මේ කියන්නට යන්නේ, පෙර කී ක්‍රමික සංවර්ධනය ලොප් වීමට හේතුවයි. ඉහත කියමන සනාත කරමින් වෙනත් රටවල සංගීතය මෙන්ම, ලංකාවේ සංගීතයද අත්හදා බැලීම් කරමින් දියුනු විය. මේ අයුරින් ගල් කැට එකට ගසමින් පටන් ගත් බෙරය, යක් බෙරය, ගැට බෙරය, උඩැක්කිය, දක්වා දියුණු වී, ඉලෙක්ට්‍රික් බෙරයක් නොසදා, සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුවට තිත තබා, අඬු කැඩී අතරමන්ව සිටින ලංකාවේ සංස්කෘතිය දෙස බලා, එහි තිබෙන දෙය අමතක කර තුබුණු උජාරුව ගැන පුරසාරම් දොඩන්නෙමු.

5/17/10

මුව හැඩ කල වන්දනීය දවස......

හෙට බුදුන් උපන් වෙසක් මාසයේ 18 වනදා. සුවහසක් ලාංකීය ගැහැණුන්ගේ තම වීරත්වයේ පිරිමි පුලුට වෙනුවෙන් මහමෙරකට වැඟුරූ කඳුලු දූරින්භූත වූ පමණක් නොව, සුවහසක් ලාංකීය පිරිමින්ගේ පූජනීයත්වයේ සංඛේතය වූ අදරනීය ගැහැණුන් වෙනුවෙන් පිපී නොතිබුණු රෝස පොහොට්ටු පිපී දෙපා මුල පූජා කල කඳුලු සමඟින් සිනහව සටන් කරමින් අපේ මුව හැඩ කල වන්දනීය දවස.

සමිද මම නුඹේ ගුණ ගය ගයා                   හිනහුනා සෙනේබර නුඹෙ නුවන් මා දිහා              යොමු උණා ඔබේ රුව ද...