4/13/20
4/11/20
මගෙ නම දේවානී
අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන්
බඩ මහත කපන කොට
මුදලාලි පෙරටු කොට
සට කපට හැකර කට
මගේ කරේ පොරෝ මිට
අනේ හරි අහිංසක සුදු පාට ඇමති සද
පුසුබ ඇති පිපි මලක ඩෝසරේ මැද්දෙ හිද
කඩොලාන පිරි වලක අප්පිරිය ජොහොර ගද
ගෙම්බකුගේ මිහිරි බක සද්දෙටම හඩන ලද
ඩෝසර් කබල ගෙන මා දෙසටම පැමිණී
ඔල මොළ නොමැති නරිවාදන් ඇසුණි
හිටි තැන හිදිමි නොහැරෙමි නොසෙල්වෙමී
යට කර ගියත් මගෙ නම දේවානී
2020, පෙබරවාරි 13 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.
මුදලාලි පෙරටු කොට
සට කපට හැකර කට
මගේ කරේ පොරෝ මිට
අනේ හරි අහිංසක සුදු පාට ඇමති සද
පුසුබ ඇති පිපි මලක ඩෝසරේ මැද්දෙ හිද
කඩොලාන පිරි වලක අප්පිරිය ජොහොර ගද
ගෙම්බකුගේ මිහිරි බක සද්දෙටම හඩන ලද
ඩෝසර් කබල ගෙන මා දෙසටම පැමිණී
ඔල මොළ නොමැති නරිවාදන් ඇසුණි
හිටි තැන හිදිමි නොහැරෙමි නොසෙල්වෙමී
යට කර ගියත් මගෙ නම දේවානී
2020, පෙබරවාරි 13 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.
මිසිනෝනා ආච්චී

අට පාස් වෙන්න පෙර, ළමා විය නිම උණා
තවම මම තරුණයි, තරුණ විය දිගු උණා
හැඩකාර කෙල්ල මම, කොල්ලො හෙම හිනහුනා
ඒකාලෙ හෙමි හෙමින්, ගෙදරටම දිය උණා
ඔය ඉන්න ගොඩක් අය, මගෙ අතේ දැඩි උණේ
මුහුණ අත පය හෙමත්, මම තමයි හැඩ කළේ
දරු සෙනෙහෙ හැර යමක්, මගෙ හදේ නොතිබුණේ
උබල හැදු මිත්තනිය, නැතිද දැන් පෙනෙන්නේ
කරුණාව මිස යමක් නෑ දෙවියො මවලා
මා නිසා කිසි දිනක නෑ යමකු අඩලා
මැරෙන තුරු මගෙ හදේ දරු සෙනෙහෙ පිරිලා
තුරුලු වී එක වරක් විදගන්න නුබලා
2020, පෙබරවාරි 9 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.
Subscribe to:
Comments (Atom)
සමිද මම නුඹේ ගුණ ගය ගයා හිනහුනා සෙනේබර නුඹෙ නුවන් මා දිහා යොමු උණා ඔබේ රුව ද...
-
මිසී : නම මොකද්ද...? මිසී සීයාව අමතන්නේ තරමක් උස් හඩකිණි. බැලූ බැල්මටම එහි යම් අකාරුණික බවක් ගැබ්වී තිබුණද සීයා පෙරළා පිළිතුරු දුන් ඇල් ...
-
--> ලෝකයේ හැම තැනකම වගේ , ලංකවේද සංගීතයේ ආරම්භය කෙසේ වීද යැයි අනුමාන කල හැක. වත්මන වන විට සංගීතය නොයෙක් අරමුණු සදහා භාවිතා කළද...



