4/13/20

















සමිද මම නුඹේ ගුණ ගය ගයා                   හිනහුනා
සෙනේබර නුඹෙ නුවන් මා දිහා              යොමු උණා
ඔබේ රුව දෑස් පිට එකවරම                  බොද උණා
නුඹේ ගුණ සිහි කරන් දෙපා මුල               පෙරලුණා

ඇකේ සිටි සිගිති පුතු සුළග සේ                විසිරුණා
මේතුවක් ළගින් සිටි ඇගේ අත                 ගිලිහුණා
යනෙන මං නොමැති වී සාළුවේ                එල්ලුනා
සමාවෙන් සමිදුනේ ලේ ගොඩක්             තැවරුණා

4/11/20

ගිලගන්න ලං වෙයන්

අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන්

කෘෂ වෙයන් කෘෂ වෙයන් තව තවත්    කෘෂ වෙයන්
තොගෙ රටේ මිනිසුනුත් තෝ වගේම     කෘෂ වෙයන්
දහඩියත් සෙම් සොටුත් මළ පහත්        පහ වෙයන්
හෙමි හෙමින් ගිලගන්න දෙසීයට             ලං වෙයන්















2020,අප්‍රේල් 9 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.  

ගිය හැටි අපි එක මගක

අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන්


මා පෙර කලෙක හොට බිම ඇණ සිටි      විටෙක 
මට අඬ ගසා දුං තැටියේ කැඳ                  මතක
සිහිවුණි මටත් ගිය හැටි අපි එක              මගක
අහිතක් නොහිත බීපිය නරියෝ                     ඕක















2020,මාර්තු 17 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.  



අරන් යමි කුදලලා


අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන්

අතපයත්                 රැලි වෙලා
හකු දෙකත්              හැකිලිලා
කසි කබල්                තමුසෙලා
අරන් යමි                    කුදලලා

රීරි මස්                        වලදලා
බඩ උනත්                   ලියලලා
සැලුට් ගැසු               ඇමතිලා
අල්ලයිද                   තමුසෙලා



















2020,මාර්තු 11 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.  

මගෙ නම දේවානී


අවන්ත ආටිගලගේ කාටුන් එක කවියෙන්
බඩ මහත                                             කපන කොට 
මුදලාලි                                                 පෙරටු කොට 
සට කපට                                                හැකර කට 
මගේ කරේ                                              පොරෝ මිට

අනේ හරි අහිංසක                  සුදු පාට ඇමති සද
පුසුබ ඇති පිපි මලක           ඩෝසරේ මැද්දෙ හිද
කඩොලාන පිරි වලක        අප්පිරිය ජොහොර ගද
ගෙම්බකුගේ මිහිරි බක      සද්දෙටම හඩන ලද

ඩෝසර් කබල ගෙන මා දෙසටම               පැමිණී
ඔල මොළ නොමැති නරිවාදන්                    ඇසුණි
හිටි තැන හිදිමි නොහැරෙමි          නොසෙල්වෙමී
යට කර ගියත් මගෙ නම                           දේවානී 

















2020, පෙබරවාරි 13 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.  




මිසිනෝනා ආච්චී




අට පාස් වෙන්න පෙර, ළමා විය නිම                     උණා
තවම මම තරුණයි, තරුණ විය දිගු                     උණා
හැඩකාර කෙල්ල මම, කොල්ලො හෙම        හිනහුනා
ඒකාලෙ හෙමි හෙමින්, ගෙදරටම දිය                   උණා

ඔය ඉන්න ගොඩක් අය, මගෙ අතේ දැඩි          උණේ
මුහුණ අත පය හෙමත්, මම තමයි හැඩ         කළේ
දරු සෙනෙහෙ හැර යමක්, මගෙ හදේ  නොතිබුණේ
උබල හැදු මිත්තනිය, නැතිද දැන්          පෙනෙන්නේ

කරුණාව මිස යමක් නෑ දෙවියො                   මවලා
මා නිසා කිසි දිනක නෑ යමකු                           අඩලා
මැරෙන තුරු මගෙ හදේ දරු සෙනෙහෙ          පිරිලා
තුරුලු වී එක වරක් විදගන්න                         නුබලා

2020, පෙබරවාරි 9 දින මවිසින් මුහුණු පොතේ පලකළ කවි පෙළක්.  

සමිද මම නුඹේ ගුණ ගය ගයා                   හිනහුනා සෙනේබර නුඹෙ නුවන් මා දිහා              යොමු උණා ඔබේ රුව ද...