අපිම කෙළිය, අපේ සංගීතේ....

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /


ලෝකයේ හැම තැනකම වගේ, ලංකවේද සංගීතයේ ආරම්භය කෙසේ වීද යැයි අනුමාන කල හැක. වත්මන වන විට සංගීතය නොයෙක් අරමුණු සදහා භාවිතා කළද, සංගීතය හූවකින් ආරම්භ කල මිනිසා, ඒ මොහොතේ ඔහු සතුව තිබෙන්නට ඇත්තේ මානසික වියවුල් සහගත බවක් වන්නට ඇත. එම හූවෙන් ඔහු යම් සහනයක් ලබන්නට ඇත. ඒ හේතුවෙන් ඔහු කීප වරක් හූ කියන්නටද, විවිද තාල වලට හූ කියන්නටද, සිනහ වෙමින් එයට හඬ එක් කරන්නටද ඇත. කුමන ආකරයකින් සංගීතය ආරම්භ වුවද, එය මෙවැනි,සරල මානසික තත්වයක්, නිසා ඇති වූවක් විය යුතුමය.

කාලයාගේ අවැමෙන් මෙයට ඔවුන් එවකට බාවිතා කරන ලද නොදියුණු භාශාව එක්කර ඔවුන්ගේ අලුත සොයාගත් මිතුරාගෙන් වෙනස් අකාරයේ රස විදීම් එක්කර ගැනීමට උත්සහ දැරීය. තමා අවට ඇති යම් යම් ද්‍රව්‍ය එකට ගැටීමෙන් එයට නව ශබ්ද එකතු කරන්නටද, තාලයක් එකතුකරන්නටද සමත් විය. මේ ආකරයට ඔවුන් සංගීත භාණ්ඩ භවිතය ආරම්භ කළේය. මේ වන විට සර්ව සම්පූර්ණ සංගීතය බිහිවී අවසානය.

මේ අනුව සංගීතයට, අදී ජනයා තම ජීවන චර්යයාව හා අනුබද්ධිත් සංවර්ධනයක් ලබා දුන්නේය. මෙවකට පැවති රැකියා අනුව සංගීතය කාණ්ඩ වන්නට පටන් ගත්තේය. අනුගාමී භාශා සංවර්ධනයත් සමඟ, නුදුරු අතීතය වනවිට, කාලයගේ ඇවෑමෙන් උපමා රූපක, ලෝප සන්ධි, එළි සමය ඇති, අපූර්ව පද මාලාවක් ඇති, දියුණු ලෙස ඛාණ්ඩ වුණු සරල ජන සංගීතයක් ලංකාවේ සංවර්ධනය විය. එපමණක්ද නොව, යම් යම් දේ එකට ගැටීමෙන් ආරම්භ කළ සංගීත භාණ්ඩ භාවිතයද මීට සමකාලීනව වර්ධණය විය. මෙහි දෙවන පියවර ලෙස, ඔවුන් සතු බඳුන් වල විවිද ද්‍රව්‍ය බැඳ, ශබ්ද උත්පාධනය කල ඔවුන් එය සංවර්ධනය කරමින් මේ සදහා විවිද හැඩයන් ඇති බඳ කොටස් නිර්මාණය කළේය. මේ අනුව මොවුන් විවිද වර්ගයේ බෙර වර්ග භාවිතයට ගත් අතර, බෙර භාවිතයද නුදුරු අතීතය වන විට ඉතා දියුණු තත්වයකට පැමිණ තිබුණි. මේ අයුරෙන්ම ලාංකීය සංගීතය තුල, ආතත, විතත, විතතාතත, ඝණ, සුසර යනාදී වශයෙන් විවිද වර්ගයේ සංගීත භාණ්ඩ නිර්මාණ්ය විය.

මෙලෙස දියුණු වුණු ශ්‍රී ලාංකීය සංගීතය, විවිද දේශපාලනික කාරණා සහා සංස්කෘතික කාරණා හේතුවෙන් ආගන්තුක සංගීත වල බලපෑම් වලට ලක්විය. කුමන බලපෑම් ආවද, ලාංකීය සංගීතය සංවර්ධනය වීම නොනැවතුනු අතර 80 දශකය වන තෙක් භාවිතයේද පැවතුණි. 80 දශකයෙන් පසුව ලංකාවට පැමිණි විවිද ආකාරයේ සංගීත ක්‍රම ලංකාවේ පැලපදියම් වූවා පමණක් නොව, පෙර කී ලංකීය සංගීතයේ ක්‍රමික සංවර්ධනය අඩාල කිරීමටද සමත් විය. මෙහිලා ප්‍රමුක වැඩ කොටස කරනු ලැබුවේ අසල්වසි ඉංදියාවෙන් පමිණි, හිංදුස්ථානීය සංගීතයයි. වර්ථමානය වනවිට ශ්‍රී ලංකා පාසල් වල, සංගීතය විශයෙහි ලා, හින්දුස්තානීය සංගීතය ඉගැන්වීමට, ඉංදියාවට ගොස් විශාරද පට්ටම් ගත් ඈයෝ සමත්වී ඇත. පෙර කී ශ්‍රී ලංකා සංගීතය අනු මාතෘකාවක් ලෙස උගන්වනු ලබයි. ඉතා දියුණුලෙස සාදනීය මාර්ගයක් ඔස්සේ දියුණු වෙමින් ආ ලාංකීය සංගීත භාණ්ඩ නැටුම් විශයෙහි ලා උගන්වනු ලබයි.

"අලුත් අලුත් දෑ නොසදන ජාතිය ලොව නොනගී". මේ කියන්නට යන්නේ, පෙර කී ක්‍රමික සංවර්ධනය ලොප් වීමට හේතුවයි. ඉහත කියමන සනාත කරමින් වෙනත් රටවල සංගීතය මෙන්ම, ලංකාවේ සංගීතයද අත්හදා බැලීම් කරමින් දියුනු විය. මේ අයුරින් ගල් කැට එකට ගසමින් පටන් ගත් බෙරය, යක් බෙරය, ගැට බෙරය, උඩැක්කිය, දක්වා දියුණු වී, ඉලෙක්ට්‍රික් බෙරයක් නොසදා, සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුවට තිත තබා, අඬු කැඩී අතරමන්ව සිටින ලංකාවේ සංස්කෘතිය දෙස බලා, එහි තිබෙන දෙය අමතක කර තුබුණු උජාරුව ගැන පුරසාරම් දොඩන්නෙමු.


10 අදහස්:

Thushara said...

අළුත් වියමනට සුභ පැතුම් !!!
වන්දේ ලක් මෑණි...

එරංග said...

thx bos...

MANJU said...

"නිකං දෙනවනම් මන්න පාර වුනත් ගන්නවා*" කියලා කවුරුත් හිතුවට "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියලා කවුරුත් හිතන්නෑ,,,එතනයි අපේ කවුරුත් වරද්ද ගන්නේ...එළ මචං...දිගටම ලියමු..

එරංග said...

thanx manju.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

නියම වැඩක් මචං. අපේ දේවල් මිනිස්සුන්ට අමතක වෙලා යන කාලයක් මේක. පිටරටින් එන ඕන කුණුගොඩක් ඉඹලා බදාගන්න දැන් අපේ මිනිස්සු ලෑස්තියි. සංස්කෘතියක් දියුණු වෙන්න ඕන දැනට තියන දේ රැකගෙන පිටින් හොඳ දේත් අරගෙන. අද ලංකාවෙ වෙන්නෙ ඒකෙ නොපිට. මේව මිනිස්සුන්ට මතක් කරලා දෙන එක හොඳයි. අපිට ඇත්තටම දියුණු වෙන්න නම් ලංකාවෙම මතවාදී වෙනසක් වෙන්න ඕන. නැතුව බෑ. අද පොඩි ඈයො ඉතිහාසය දන්නවද? නෑ. දුටුගැමුණු රජතුමා රට බේරගත්ත හැටි, ජාතිය වෙනුවෙන් නොබියව දං ගෙඩියට බෙල්ලතියපු වීර මද්දුම බණ්ඩාරලා ගැන උන් දන්නෙ නෑ. ඒව දරුවන්ට කියල දෙන්න අද ඉස්සර හිටපු සීයල ආච්චිලා නෑ. උන් දන්නෙ සුපර් මෑන් ගැනයි බැට් මෑන් ගැනයි තමයි. අනාගතේ ලංකාව ගැන හිතනකොටත් බයයි. එහෙම වෙන සමාජෙක අපේ දේ අපේ උරුමෙ ගැන කතා කරන උඩු ගං බලාගෙන පීනන උඹ වගේ එවුන් හරි අඩුයි. ඉස්සරහටම යමු අපි පස්සෙන් ඉන්නවා ඕන දේකට.

ජය වේවා වන්දේ ලක් මෑණී......

එරංග said...

thnx Ravida

budhajeewa said...

[said]
සංස්කෘතියට ආදරය කරන අපි, සංස්කෘතියේ දියුණුවට තිත තබා, අඬු කැඩී අතරමන්ව සිටින ලංකාවේ සංස්කෘතිය දෙස බලා, එහි තිබෙන දෙය අමතක කර තුබුණු උජාරුව ගැන පුරසාරම් දොඩන්නෙමු.
[/said]

මේක මම ඉතාම පිළිගන්නා අදහසක්!

ඉන්න තැනින් ඉස්සරහට යන්න හැදීම කස්ටිය දකින්නේ "සංස්කෘතිය" විනාශ කිරීමක් විදියට. මොකද මේ අය හිතං ඉන්නේ "සංස්කෘතිය" කියන්නේ වෙනස් වෙන්නේ නැති, වෙනස් කිරීමට තැත් කිරීම පවා මහා අපරාධයක් වන දෙයක් කියලා. මේ අය හිතං ඉන්නේ "සංස්කෘතිය" කියන්නේ "ඉස්සර ක්‍රමේ" කියන එකට සමාන වචනයක් කියලා. ඉතිං අලුත් වෙන්නේ නැතිව ඒකම කර තියාගෙන යනවා.

අපේ වානර ආච්චිල සීයලත් ඔහොම හිතුවනං, ගහෙං බහින්නේ නැතිව "සංස්කෘතිය" විනාශ කරන්නේ නැතිව "ඉස්සර ක්‍රමේට" ගහේම ඉන්න, අපි තාම වානරයෝ!

Hakuna Matata said...

Good post dear.....i like it

Hakuna Matata said...

and Good theme too. nice grhapics

Silent portrait said...

ekanam aththa danata lankawe prchalitha wela thiyena bus sangeethaya wenuwata apitama uruma lassna thanu walin therum walin hadila thiyena jana sangeethaya idiriyediwath ismathu wenawanam loku deyak...Lionel Ranwala nam e wenuwen sahenna deyak kala. eth itin dan eka idiriyata geniyanne kauda...Nadeeka Guruge wage kenek kaloth thama.. hugak aya danne nahane...

Post a Comment