පර හ‍ටන...

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /


අපේ සංගීතෙ ගැන මම මුළින්ම වන්දේ ලක් මෑණීට එකතු කරපු ලිපියට ලැබුණු ප්‍රතිචාර නිසාම, මෙම ලිපිය වන්දේ ලක් මෑණීට ලියන්න හිතුනා. හැබැයි "වන්දේ ලක් මෑණී" කියන්නෙ, සංගීතය ගැන විතරක් ලියන ලිපි එකතුවක්නම් නෙමෙයි.

"පර හටන"
ලාංකීය සංගීතය බුදුන්ගේ සරණින්, දෙවුන්ගේ ආශිර්වාදයෙන් දිනෙන් දින දියුණු වූ සැටිත්, ලාංකීය රුධිරයෙන් මෙලොව එළිය දකින මතු පරපුරේ අවාසනාවට, එයට හෙණහුරා පාත් වූ සැටිත්, හෙණහුරාගේ ආනුභාවයෙන් එය ලොප් වූ සැටිත්, මම පෙර ලිපියේ(අපිම කෙළිය, අපේ සංගීතේ...) සටහන් කළෙමි. මේ හෙණහුරා දිනෙන් දින අතුපතර වැඩෙමින්, යෝධ රුක්ෂයක් සේ ශ්‍රී ලංකාව තුල මුල් බැසගෙන කාලයක් ම වැජබිණි.

ලංකාවේ පාසල් වල, සංගීතය විෂයෙහි ලා, ශ්‍රී ලංකීය ජන සංගීතය උගන්වනවා වෙනුවට, හින්දුස්ථානීය සංගීතය උගන්වා, සර්පයා රෙද්ද අස්සේ දමාගත් ශ්‍රී ලංකා විශාරද ඇත්තෝ, කනවෝ කන්වෝ කියා කෑ ගසන්නේ, හයක් හතරක් නොතේරෙන හයවසරේ ළමුන්ට අපේ දේ නොඋගන්වා, ඉන්දියාවේ සංගීතයක් උගන්වා අපේ කම අමතක කරවීමේ ආදීනව හේතුවෙනි. පසු කාලීනව බටහිර සංගීතයද, විශය මාලවට එකතුකර උවුන්, තව දුරටත් වැඩ වරද්ද ගත්තේය.

මෙම අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ, අපේ දෙය හරියටම මොකද්දැයි නොදන්නා තරුණ ‍පරපුර බටහිර සංගීතය, කරලියට ගෙන ඒමට පටන් ගැනීමත් සමඟ, විශරද ඇත්තෝ සටන් ප්‍රකාශ කිරීම ආරම්භ කළේය. ඒ, පිට රටින් එන එන දේ අනුකරණය කරනවා යැයි තරුණ ‍පරපුරට චෝදනා කරමිණි. නමුත් එම චෝදනාව අපට කරන්නේ රෙදි ඇඳගෙනදැයි ඇසීමට අභිනව තරුණ සංගීත කාරයෝ උත්සුක නොවූවද, මොන මොනවාදෝ මුමුණා චෝදනාවට එරෙහිව සටන් ප්‍රකශ කළෝය. මෙලෙස, අපේ සංගීතය වලපල්ලට යවා, පරයන්ගේ සංගීතය අපේ රටට ගෙනා පරයින් දෙකොට්ඨාශයක් සටන් ඇරභීය.

තාලම් පොටක, ගැට බෙරයක, උඩැක්කියක, වන්නමක, ජනගීයක හඬ ඇපයෙන් බේරීමට තමාගේ නිර්මාණ වලට එකතුකර ගන්නා මොවුන්, මමයි ශ්‍රී ලාංකීය, මමයි ශ්‍රී ලාංකීය, කියමින් පුරවැසි බාවය තහවුරු කිරීමට උත්සහා කරයි.

ලාංකීය ලේබලය ගසා ගැනීමට පොර කන විශාරද ඇත්තනේ, ඔබ තමුන්නාන්සේලගේ ආනුභාවයෙන් අද වන විට වසර විස්සක පමණ පසු බෑමක්, නියම ශ්‍රී ලංකා සංගීතයේ ඇතිවී ඇත. ඔබ අතපසු කළ එම කාලය, නැවත ඇද්දවීම, ඔබ බිහිකළ වල් බූරු සංගීත අධ්‍යාපන ක්‍රමයෙන් උත්පාදනය වූ, පෙර අපර දෙදිග පරගැති සංගීත ඥාණයක් ඇති තරුණ ගැටයන් ලවා කළ නොහැක.

සංගීත ඥාණය යමෙකුට පැමිණෙන්නේ තම රුධිරයෙනි. ශ්‍රී ලාංකීය රුධිරය ඇඟේ දුවනා සංගීත කරුවනි, ඔබ ඔබේ රුධිරය හඳුනා ගත යුතුය. ඔබ එක්ව පරයන් විසින් අතරමං කළ නියම ශ්‍රී ලාංකීය සංගීතය අහු මුළු වලින් සොයාගෙන, ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ශ්‍රී ලාංකීය හඬකින් පිට කොඳු කෙළින් සිටුවා ගැයීමට, වන්දනීය මාතෲ භූමියේ, වන්දනීය සංගීතය නැවත ස්ථාපනය කළ යුතුය.



9 අදහස්:

MANJU said...

එළ අත්තා උඹ කොහොමත් වෙනස් විදියට හිතන එකෙක් නේ..අපිට අපේ දෙවල් වල අයින් කල යුතු සහ නැති නොකර ගත යුතු දෙවල් දෙකම තියනවා ඒ වගේම පිටින් එන දේ වලත් ගත යුතු සහ නොගත යුතු දෙකම තියනවා. අපි අපේ නැති නොකරගත යුතු දෙවල් හරියට ආරක්ෂා කරනවා වගේම පිටින් එන ගතයුතු දේවල් අපිට ගැලපෙන විදියට එක් කර ගන්න ඕන..මේ එකක්වත් හරියට වෙන්නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න.

SOLO said...

ඔබ සමඟ බොහෝ දුරට එකඟයි. ලංකාවෙ සංගීතය නැති වී යාමට මුල් වූ ප්‍රධාන හේතුවක් විදියට මම දකින්නෙ, අපිට සංගීතය අපේ විදියකට ප්‍රස්ථාරගත කිරීමට ක්‍රමයක් නැති වීම. අපේ සංගීතෙ අහුමුලු පවා හොයාගන්න අමාරු මේ නිසා කියල මම හිතන්නෙ. දැනට අපි ඉගෙන ගන්න ජන ගායනා තවදුරටත් වෙනස් වුනේ නැත්තෙ ඒව හින්දුස්ථාන ක්‍රමයට ප්‍රස්තාරගත කරගත්තු නිසා.

යටගිය දැනුම යලි මතුකරගන්න පුළුවන්නම් ලොකු දෙයක්. ඒත් අපි ලෝකයේ තියෙන අනිත් සම්ප්‍රධායයන් අතහැර එය මතුකරගැනීම අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ. ඊට හේතුව කිසිම සම්ප්‍රදායක් අංග සම්පූර්ණ නැති නිසා.

ඔබගේ උත්සහය අතාරින්න එපා. හොඳ ලිපියක්.

ආගන්තුකයා said...

ඕක ලංකාවේ සිස්ටම් එකේ තියෙන අවුලක් මොකද ලංකාවේ අපි පිටින් ගේන ඕනි දහජරාවක් අපිට ඕනිද කියලා බලන්නෙවත් නැතුව බදාගෙන් ඉඹගන්නනෙ අපි ඉන්නෙ. ඉතින් එහෙම එකේ සංගිතය කියන එකත් වෙන කොහෙන්හරි ඇවිත් ලංකාවට ඔබන එක හරි ලේසි වැඩක්නෙ. සරලවම ගත්තොත් ඕක තමා වෙලා තියෙන එක.

~®RaසිKa®~ said...

ජන සංගීතයට සිදූ වූ ව්‍යසනය වගේම ලක් මෑණියන්ගෙන් තුරන්ව යන අපේ දේ අපිට මතක් කර දෙන්න අපේම එකෙක් ඉදිරිපත් වුන එක ගැන ගොඩක් ස‍න්තෝසයි...එරංග උඹට ජය...!!!

එරංග said...

@ MANJU,SOLO,ආගන්තුකයා,~®RaසිKa®~,

ස්තුතී...

අයේෂ් said...

මෙහෙමයි මචං..අපි හැමදාම ලිදේ ඉන්න ලිං මෙඩියො වගේ ඉන්න බැ මචං..උබ කියන දෙවල ඇත්තකුත් තියෙනවා නමුත් මන් හිතන්නේ කොදෙව් මනසිකත්වයෙන් මිදෙන්න ඔනේ මචං

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

පිටින් එන ඕන කුණු ගොඩක් බදා ගන්නව කියන්නෙ ඒ ඕන කුණු ගොඩක් ලංකාවෙ මාකට් කරන්න පුළුවන්. සුද්දගෙ අසූචි උනත් හොඳ ප්‍රචාරණයක් දුන්නාම අපේ මිනිස්සු දුවල ගිහින් ගන්නවා.

දැන් කාලෙ අපි තමයි සංගීතඥයො කියාගන්න හාල් පාරුවො අර උඹ කිව්ව වගේ කරන්නෙ ඇපෙන් බේරෙන්න බෙර පදයක කොටසක් කොහෙන් හරි සිංදුවට රිංගවන එක. ඒ සිංදුවට අපේ මිනිසුන්ගෙ දුක් සුසුම් වේදනා සතුට කොතැනකවත් ගෑවිලා නෑ. ඒකනෙ අපේ එවුන් "සිරි සඝ බෝධි මාලිගාවෙදී මම ප්‍රාණ හානි වෙන්න බැට දෙම්" කියල උඩ පැන පැන නටන්නෙ. ඒක කියන එකාවත් දන්නෙ නැතුව ඇති ඒකෙ තේරුම. දන්නවනම් ඒක කිය කිය නටන්නෙ නෑනෙ. ඔන්න අපේ සංගිතෙට ගිය කල. ඒ වෙලත් මුන් තමයි අපේ සංගීතයට බටහිරට අරන් ගිහිපු මහා සංගීතඥයො. නොදකින්.

එරංග said...

ස්තූති ‍සුසිත.......

එරංග said...

මචන් අයේශ්,

අපි ලිදෙන් ගොඩ එන්නෙ, අපේ දේ අත හැරල, දාලනම්, ඒක වැරදී නේද. අනික මචන් අපේ දේ ලිඳ ඇතුලෙ තියෙද්දින්, අපි ගොඩට ඇවිත්, ලෝකය "උඹල කවුද ? " කියල අහනකොට අපි ඉන්දියාව පෙන්නන්නද ? බටහිර දිශාව පෙන්නන්නද ? ලිඳ පතුල පෙන්නන්නද ?

මම උක්ත ලිපි දෙකෙන්ම කිවේ, අපි ලිදෙන් ගොඩ වෙමු
කියලයි.

ස්තූති අයේශ්.

Post a Comment