පීතෲ මූලික...

Author: :;;;:_€ⱤḀᾓԌᾎ_::;;; /


අප අවට පරිසරයේ සිටින ඕනෑම පිරිස් ඒකකයකට තම පැවැතම රදා පවත්වා ගැනීමට මනා නායකත්වයක් තිබිය යුතුය යන්න වන්දේ ලක් මෑණී සමඟ එකතුවන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මිනිසා පමනක් නොව සතා
සිව්පාවා පවා මෙකී මූලධමයට යටත් වන අතර බුදු බනේ පවා මේ බව සදහන්ව ඇත.

අප පවුල යනුවෙන් හදුනා ගන්නේද මෙවැනිම පිරිස් ඒකකයකි.මෙම පවුල යන ඒකකයේ වුවද යහ පවැත්ම රදා පවතින්නේ පවුල මත බලගැන්වෙන මනා නායකත්වය මතය. අද වන්දේ ලක් මැණී ඔබ වෙත කියනුයේ මෙකී නායකතවය පවුලට දෙන පීතෲ මූලිකත්වය පිළිබඳවය.

වර්ථමානය වන විට ලෝකය පුරා පවතින ආර්ථික පසුබිම මත ඒ ඒ රට වල පවුල් ඒකකය උඩුයටිකුරු වී අති බව සත්‍යයකි. මෙකී විපර්යයාසයේ විශාලතම ගොදුර බවට පත්ව අත්තේ ඇමරිකානු හා යුරෝපා රටවල්ය. මෙය කොතෙක් දුරට මෙම රට වලට බලපාද යත්, එම රට වල නීතියෙන් විවාහ ගිවිසගෙන අති ඇතැම් පවුල්, පවුලක් වීමට ඇති මූලික අවශ්‍යතාවය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු එකතුවීම යන අවශ්‍යතාවයවත් තෘප්ත නොකරයි. මෙලෙස බටහිර රටවල පවුල් ඒකකයට අති වී අති කළබැගෑනිය ඔබට මා තවදුරටත අමුතුවෙන් කිවයුතු නොවේ.

නමුත් පූරුවේ කල පිංවල ආනිසංසයෙන්, ආසියානුවෙකු වී ඉපඳුනු ආනුභාවයෙන්, ආසියාව පුරා තවමත් ස්ථාවරව විසිරී පැතිරී පවතින ආගමික පසුබිම හේතුවෙන්, ආසියානු පවුල් තවමත් බටහිර අංශහීනත්වයට පත් වූ පවුල් මෙන් පත් නොවී සවිමත්ව නැගීසිටී.

ආසියානු පවුල් ඒකකයේද බලතල බෙදී ගියේ අතීතයේ සිට පැවතුනු ආර්ථික පසුබිම මතය. ඒ අනුව පවුලේ ආර්ථිකය සවිමත් කළ පියාට පවුලේ ගෘහමූලිකත්වය හිමිවිය. ඒ අනුව පවුලේ තීරණ ගැනීම පිළිබදව විශාල බලයක් හා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ විශාල ගෞරවයක් ඔහුට හිමි වී තිබිණි.

මෙකී ගෞරවය පියා පිළිබදව ළමුන් හමුවේ ගොඩ නැඟූ, මුළු ආසියානු සමාජයේම ගෞරවයට, පූජනීයත්වයට, පත් වූ උතුම් චරිතයක් මෙම ඒකකයේ සිටී. ඒ වෙන කවුරුත් නොව, නම අසූ පමණින් ඕනෑම ගොරහැඬි අළුගෝසුවකුගේ පවා හිත උනු වන මිහිපිට ජීවමාන දේවතාවිය අම්මාය. අම්මා සෑම විටකම ළමුන් තුළ පියා පිළිබදව බයක්, ගෞරවයක් අතිකිරීමට වගබලාගනී. ඇය කිසිවිටකත් මෙකී පාර්ශව දෙකට සෘජුව වාද විවාද කිරීමට ඉඩ නොදේ. සෑම විටකම මැදිහත් කරුවකුව දෙපාර්ශවයේම සීමාව ආරක්ෂා කරමින් දෙපාර්ශවයේම ගෞරවය සුරකී. මේ අනුව ඇය නිරායාසයෙන්ම පාර්ශව දෙක අතර සන්නිවේදන මාධ්‍යය බවට වත් වේ. තවද ළමුන් තම ඉල්ලීම් පියා වෙත ගෙන යන්නේද මව හරහාය. තවද පියා ළමුන්ට සෘජුව ආදරය නොදැක්වූ අතර, තමා තුල ළමුන් කෙරෙහි ඇති ආදරය මව විසින් ළමුන් වෙත සන්නිවේදනය කරන බවද හොඳිනම දැන සිටියේය. මෙලෙස අතීතයේ සිට මව පියාගේ සංවේදීබව ළමුන් වෙත ගෙන යන සංවේනිදකයා බාවට වත්ව සිටියාය.

මෙසේ අනුන් කෙරේ ගෞරවයක් ඇති කිරවීමට උත්සාහ කරන ආදරණීය මවුතුමිය කෙරේ මුළු පවුල් ඒකකයේම ගෞරවය, පූජනීයත්වය, නිරායාසයෙන්ම ගොඩනැගේ. ළමුන්, තම සොඳුරු බිරිඳ සමඟ එකට එක කියනු දුටු විට, පියා ඔව්න්ව කෝටුමස් කරයි. එවිට සියළු දුක් විඳ දරාගන්නා ගන්නා මවු තුමිය මැද්දට පැන, කටකාර ළමුන්ව බේරා ගනී. මෙලෙස ආදරයෙන් හා ගෞරවයෙන් එකිනෙකා හා බැඳුනු පවුල් ක්‍රමයක් අතීතයේ සිට මේ දක්වා තිබී ඇත. මෙකී ක්‍රමය පීතෲ මූලික පවුල් ක්‍රමය කියා හදුන්වනු ලබයි.

නමුත් වර්ථමානය...
වර්ථමාන්යේ බලපවත්නා අර්ථික රටාව හාත්පසින්ම වෙනස් බව කවුරුත් දන්නා කරුණකි. මේ අනුව පීතෲ මූලිකත්වයට හේතු වූ කරුණ වන, පවුල ආර්ථිකය සවිබල ගන්වන කාර්යභාර්ය මවද සමසේ හෝ වැඩිපුර හිස දරයි.

????

ඉතින් අපේ ආදරණීය මවුවරුන් මෙතෙක් ඇයට හිමිවී තිබූ ගෞරවනීයත්වය, පූජනීයත්වය අමතක කර අයිතිවාසිකම් ඉල්ලනවාද ...?
ඉල්ලන්නේ කා හට හිමිව තිබෙන ගෞරවයද ...?
ඇයට මෙතෙක් හිමිව තිබූ ගෞරවය පූජනීයත්වය ඇයට සුදුසු නැද්ද ...?

මෙකී ප්‍රශ්න හමුවේ, පවුල් ක්‍රමය අති අසාර්ථක බටහිර රටවල්වල හැඳුනු කාන්තා විමුක්ති සංවිධාන එම ප්‍රශ්න වලට පිළිතුරු සපයයි.
ඔවුන් අයිතිවාසිකම් ඉල්ලයි ...
ඉල්ලන්නේ පියාට හිමිව තිබූ ගෞරවය ...
මවට හිමිව තිබූ ගෞරවය අනුගාමිකයන්ට මතක් නොවීමට වග බලා ගනී ...

මෙකී සටන් පාට, ක්‍රම උපායන්, පෙරදැරි කොටගෙන කාන්තා විමුක්ති සංවිධාන, පවුලක පරම පරමාර්ථය වන පවුලක් වශයෙන් එකට සිටීම යන්න පවා අමතක කර වෙන්ව හෝ අයිතිවාසිකම් දිනා ගනීමට උත්සාහ කරයි. වෙන්වූ කල පවුලක් නැති බවත්, පවුලක් නැති කල විමුක්තියක් අනවශ්‍ය බවත් අමතක වේ. එපමණක්ද නොවේ , පවුලක් නැති කල තමා හට ගෞරවයක් පිරිනැමීමට කවුරුවත් නැතිබවත්, දිනාගත් අයිතිවාසිකම් බුක්තිවිදීමට පවුලක් නැති බවත් අමතක කර වෙන්වීමේ අයිතිය ඉල්ලාසිටී.

එකිනෙකා කෙරේ පීතෲ මූලික සමාජය තුල හිමිව තිබුනු ස්ථානයේ උස් මිටි කම් තිබුනේ නැත. එම ස්ථානය සෑම විටකම අනන්‍යය ස්ථානයක් විය. පියාට අති ගෞරවය ළමුන් හිත තුළ ඇති වූයේ, පියා විසින් ඔවුන්ව කෝටුමස් කළ දවසේය. මවට අති ගෞරවය ඔවුන් තුළ ඇති වූයේ මව විසින් පියාව වර්ණනා කළ දිනයේය. එයට උපයන මුදල ප්‍රමාණය වැදගත් වූයේ නැත.

3 අදහස්:

~RaසිකyA~ said...

කෙටි කලකට පසුව නැවත ප්‍රබෝධමත් වූ වන්දේ ලක් මෑණියන් ඉදිරියටත් අතපසු නොවී රැදෙයි කියල බලාපොරොත්තු වෙනවා. මේ ලිපියේ කතා සාරංශයක් කෙටියෙන් ගත්කල මෑණියන් මූලික වූ "පීතෲ මූලිකත්වයක්" පැවති බවක් සදහන් වෙන බවයි මා හට හැගී යන්නේ. එය සත්‍යකි, එයට හේතුව වන්නේ නිතර පියා හා කුළුපගව අදහස් හුවමාරුවට හෝ ඔහුගේ ආදරය විද ගැනීම දරුවන් හට මගහැරීයන බැවිනි. නමුත් මෙවන් සෑම අවස්ථාවකම දරුවන් හට පියා වීරයෙකු සේ නිතර අගවන්නේ මව විසිනි, එබැවින් කිසිදු විටක මව්තුමිය නොමැති කල සැබෑ පීතෲ මූලිකත්වයක් ඇතිවෙයිද යන්න සැක සහිතය..කෙසේ වෙතත් මේ ආකාරයෙන් ඉතා සුහදව ඇතිව යන පවුල් දිවියක් වර්තමානය තුල‍ සොයා ගැනීමට අපහසු යැයි මගේ හැගීම..
මව තමාගේ රූපකාය නඩත්තුව ගැනත්, රූපවාහිනියටත් සිරව සිටිද්දී දරුවන්හට මුළු දවස පුරා අතිරේක පංති යෙදී නිදහස සීමා වී ඇතිවිට, දිනය පුරා වෙහෙසි පැමි‍ණෙන පියානන්හට දරුවන් ගැන ‍හෝ තම පවුල් ජීවි‍තයේ සැලැස්මක් ගැන සිතීමටවත් ඉඩහසරක් නොමැතිව ඇත. මෙවන් කළබලකාරී
කලහකාරී සමාජයක පවුල තුල ඉබේ ගොඩනැගෙන ඒ ඒ සාමාජිකයා සතු වගකීම් අද වන විට බොහෝ සෙයින් මගහැරී ඇතිබවක් හැගී යයි. එවන් සමාජයක අවසන් පුරුකසේ ජීවත්වන ඔබටත් මටත් ඇතිවන හැගීම මේ ආකාරයට හෝ වචයට නැගීමට හැකිවීම පිළිබඳ සතුටුවෙනවා..
වන්දේ ලක් මෑණියනි ඔබට ජය...!

:;;;:_€ⱤḀᾓԌᾎ_::;;; said...

"මව්තුමිය නොමැති කල සැබෑ පීතෲ මූලිකත්වයක් ඇතිවෙයිද යන්න සැක සහිතය.." යන ප්‍රකාශනයට ගරු කරමි. වන්දේ ලක් මෑණී වෙත හැමදාම අදහස් ලබා දෙන මගේ දයාබර රසිකයාට ස්තූතී...

MANJU said...

මට හිතෙන විදියට "අම්මා" "තාත්තා" කියන වචන ඇතුලෙම ඔවුන්ගේ ව්ගකීම් ගැබ් වෙලා තියනවා දරුවෙකු වඳපු පමණින්ම කෙනෙක් ආම්මා කෙනෙක් දරුවන්ට කන්න බොන්න දුන් පමණින් තාත්තා කෙනෙක් වෙන්නෙ නැ ඉතින් තම තමන්ගෙ වගකීම හරියට ඉටුකරනවනම් කාටවත් අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහන්න වෙන්නෑ..අපේ පවුල් සංස්කෘතියත් සොභාදහමෙන්ම ස්වභාවිකම නියම ආකාරයෙන් වුනු චක්‍රයක් දැන් ඒකත් දූෂණය වෙලා හරියට ජල චක්‍රේ වගේ හික්.........

Post a Comment